කාන්තාවකට මහමඟ දී අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියේ සැකකරුවන් 09ක් අත්අඩංගුවට

කාන්තාවකට පිරිසක් මහාමාර්ගයක් මධ්‍යයේ පහරදීමක් සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 09 දෙනෙකු ප්‍රදේශය හැරගොස් සිටි අතර විමර්ශනය සිදුකළ ගොකරැල්ල පොලිස් ස්ථානය විසින් ඊයේ (19) එම සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අපරාධය 2026.04.16 දින ගොකරැල්ල මැදලන්ද ප්‍රදේශයේ සිදූවීමකි. ඥාතීන් පිරිසක් අතර ඇතිව ඇති ගැටුම්කාරීකාරී තත්වයක් මෙම පහරදීමට මූලික වී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

පහරකෑමට ලක්වූ කාන්තාව නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝහලෙන් සුවය ලබා මේ වන විට පැමිණ ඇත.

ගොකරැල්ල පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website