
මහරගම, පමුණුව පාරේ දෙමහල් නිවසක ඉහළ මහලේ ඊයේ (18) ඇති වූ ගින්න නිවසේ හිමිකරු විසින්ම හිතාමතාම ඇති කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇති බව මහරගම පොලිසිය පැවසීය.
දෙමහල් නිවසේ ඉහළ මහලේ ඊයේ (18) පස්වරුවේ ගින්න ආරම්භ වී තිබූ අතර ගින්න දුටු ප්‍රදේශවාසීන් එය වහාම නිවා දැමීමට පියවර ගෙන තිබේ.
සිද්ධිය අතරතුර, නිවස තුළ සිටි දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබූ පිරිමින් දෙදෙනෙකු පළමුව රෝහල් ගත කරන ලදී. එසේ රෝහල් ගත කර ඇත්තේ නිවසේ හිමිකරු සහ කුලී නිවැසියන්ගෙන් එක් අයෙකු බව පොලිසිය පැවසුවේය.
ප්‍රදේශවාසීන් පසුව කළ සෝදිසි කිරීමකදී නිවසේ කාමරයක් තුළ තිබී 55 හැවිරිදි කාන්තාවකගේ සහ ඇගේ 16 හැවිරිදි තරුණ දියණියගේ මළ සිරුරු සොයා ගෙන ඇත.
රෝහල් ගත කර සිටි 76 හැවිරිදි නිවාස හිමියා අද (19) උදෑසන මිය ගිය බව මහරගම පොලිසිය පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.













