දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ 2026 අයදුම්පත් භාර ගැනීමේ කාලය අප්‍රේල් 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
දහස් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගේ ඉල්ලීම පරිදි අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය මෙලෙස දීර්ඝ කර ඇත.
අදාළ අයදුම්පත හා උපදෙස් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ dbagovlk.org නිල වෙබ් අඩවියෙන් සහ www.dbadhammaschool.giize.com යන දහම් පාසල් වෙබ් අඩවියෙන් මෙන්ම Google Ply Store හී ඇති Dhamma School යෙදුම හරහා ලබා ගත හැකි බව ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.















