අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ ගෙවීම් කටයුතු හෙට (22) දිනයේදී අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටිවන් 617,406 දෙනෙකු සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් මිලියන 387කට අධික මුදලක් ගෙවීමට නියමිත අතර දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා රුපියල් මිලියන 362කට අධික මුදලක් ගෙවන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.











