ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රටේ ආර්ථිකයට සැලකිය යුතු හානියක් කරමින් ජනමාධ්‍ය වගකීම් විරහිතව කටයුතු කරන බවට චෝදනා කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශයට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර ඇත.
මාධ්‍ය නිදහස අනිසි ලෙස භාවිතා කිරීමෙන් මාධ්‍ය ආයතනය අසත්‍ය හා නොමඟ යවන තොරතුරු ප්‍රචාරය කර ඇති බවත්, එමඟින් සංස්ථාවේ කීර්ති නාමයට සහ මෙහෙයුම් වලට හානි සිදු වී ඇති බවත්, ජාතික ආර්ථිකයට අහිතකර ප්‍රතිවිපාක ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව මෙම ලිපියේ සඳහන් කර ඇත.
තම පැමිණිල්ලේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ එවැනි ක්‍රියා පිළිගත් මාධ්‍ය ප්රමිතීන් සහ වෘත්තීය ආචාර ධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.













