රිමාන්ඩ් භාරයේ සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් 200,000 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට පිලඇස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි. වාසල මහතා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා විසින් කමල් අමරසිංහ මහතාට විදේශ ගමන් තහනමක් ද පනවන ලදී.
වාහනයක් ලියාපදිංචි කිරීමේදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කමල් අමරසිංහ මහතා මාර්තු 27 වන දින අත්අඩංගුවට ගන්නා ලද අතර පසුව රිමාන්ඩ් කරන ලදි.
නඩුව මැයි 11 වන දින නැවත කැඳවීමට නියමිතය.















