බස් මගීන් ගසා කෑ බස් රථ 80කට දඩ ගසයි – අයාථ ක්‍රියා 1955ට දැනුම් දෙන ලෙසත් ඉල්ලයි

අලුත් අවුරුදු සමයේදී මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව බස් රථ 80කට දඩ නියම කළ බව ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා හෙළි කළේය.

වැඩි පුර අය කරන ලද මුදල් අදාළ මගීන්ට ආපසු ගෙවන ලද බවත් අදාළ බස් රථ වලින් දඩ මුදල් අය කරන ලද බවත් ඔහු ප්‍රකාශ කළේය.

අප්‍රේල් 8 සිට 18 දක්වා කාලය තුළ බස් රථ 680ක් පරීක්ෂා කළ බව ද මිරැන්ඩා මහතා සඳහන් කළේය.

මේ අතර ප්‍රවේශපත්‍ර වලට නියමිත මුදලට වඩා අය කරන හෝ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බස් රථ පිළිබඳව වාර්තා කරන ලෙස ද  මිරැන්ඩා මහතා මගීන්ගෙන් ඉල්ලීමක් කළේය.

පොලිස් ස්ථානවලට හෝ 1955 ක්ෂණික ඇමතුම් අංකය හරහා පැමිණිලි කළ හැකි බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මගීන්ට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හෝ ජාතික ප්‍රවාහන කොමිෂම වෙත සෘජුවම සිදුවීම් වාර්තා කළ හැකි බව කී මිරැන්ඩා මහතා අප්‍රේල් 21 වන දින දක්වා පැය 24 පුරාම පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website