පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වත්මන් විමර්ශන හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් – නාමල් රාජපක්ෂ

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ දේශපාලනීකරණය කරමින්, තෝරාගත් ක්‍රියාමාර්ග සහ අස්ථානගත චෝදනා එල්ල කරමින් රජය දේශපාලන දඩයමක් ආරම්භ කර ඇති බවට නාමල් රාජපක්ෂ චෝදනා කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ ඊයේ (20) පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් අමතමින් නාමල් කියා සිටියේ, ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සාමාජිකයෙක් වන ඊබ්‍රහිම් ඇතුළු ප්‍රහාරවල අරමුදල් සැපයීමට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවයි.

“ඔවුන්ට ආරක්ෂා කරමින් වත්මන් ආණ්ඩුවේ බලධාරීන් අනෙක් අය ඉලක්ක කර ගැනීම දිගටම කරගෙන යනවා. මේ විමර්ශනවල ගැටලු ගණනාවක් තිබෙනවා. උදාහරණයක් විදිහට පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීම ගන්න පුළුවන්. එසේම හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සේල් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම තුළින් පරීක්ෂණ පවත්වන අයගේ විශ්වසනීයත්වය ප්‍රශ්න කරනවා”. නාමල් පැවසුවේය.

පාස්කු ප්‍රහාරයට පෙර ප්‍රධාන බුද්ධි අනතුරු ඇඟවීම්, වත්මන් පරීක්ෂණවලට සම්බන්ධ ඇතැම් නිලධාරීන් විසින් නොසලකා හැර ඇති බවත්, ඔවුන් දැන් විමර්ශනවලට සම්බන්ධ වී සිටින බවත් නාමල් රාජපක්ෂ පැවසුවේය.

රාජපක්ෂ පවුල පාස්කු ප්‍රහාරයන්ට සම්බන්ධ කරන බවට කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ඔහු, ඒ වෙනුවට වගකීම අපරාධකරුවන්ට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් වෙත යොමු කළ යුතු බව අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website