Fake Websites හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ප්‍රධාන ක්‍රම ගැන ඔබ දැන සිටියා ද ?

මෙරට ප්‍රමුඛපෙලේ පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර පුද්ගලයෙකගේ බැංකු ගිණුමක ප්‍රවේශ දත්ත සූක්ෂම ලෙස ලබාගෙන එම ගිණුමෙන් රුපියල් 1,000,024/= ක් (දසලක්ෂ විසිහතරක) මුදලක් වංචා කළ 22 හැවිරදි වියේ පසුවන සැකකරුවෙකු පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2026.02.16 දින පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වෙත මෙම අපරාධය සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී තිබූ අතර එම ඒ්කකය විසින් සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරු හඳුනාගෙන 2026.04.20 දින දහවල් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන වාරියපොල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු 2026.04.21 දින කුරුණෑගල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

අන්තර්ජාලය භාවිතා කරන විට ව්‍යාජ වෙබ් අඩවි (Fake Websites) හඳුනා ගැනීම ඔබගේ පෞද්ගලික දත්ත සහ මුදල් ආරක්ෂා කර ගැනීමට ඉතාමත් වැදගත් වේ. ව්‍යාජ වෙබ් අඩවියක් හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ප්‍රධාන ක්‍රම කිහිපයක් පහතින් –

1. URL පරීක්ෂා කිරීම (Domain Name)

ව්‍යාජ වෙබ් අඩවි බොහෝ විට සැබෑ වෙබ් අඩවි වල නම් වලට ඉතා සමාන නම් භාවිතා කරයි.

• අක්ෂර වින්‍යාසය:

උදාහරණ – facebook.com වෙනුවට facebk.com හෝ g00gle.com ලෙස තිබිය හැක.

• Domain Extension: විශ්වාසදායක වෙබ් අඩවි .com, .org, .lk වැනි පොදු දිගු භාවිතා කරන අතර, සැක සහිත අඩවි අසාමාන්‍ය දිගු භාවිතා කළ හැක.

2. HTTPS සහ අගුළු සලකුණ (Padlock Icon)

වෙබ් අඩවියේ ලිපිනය ආරම්භ වන්නේ https:// (මෙහි ‘s’ යනු Secure යන්නයි) යන්නෙන් දැයි බලන්න.

• ලිපින තීරුවේ (Address bar) ඇති අගුළු සලකුණ (Padlock) ක්ලික් කර එහි ආරක්ෂිත සහතිකය (SSL Certificate) වලංගු දැයි පරීක්ෂා කළ හැක.

• වර්තමානයේ සමහර ව්‍යාජ වෙබ් අඩවි පවා HTTPS භාවිතා කරන බැවින් මෙය පමණක් සලකා බැලීම ප්‍රමාණවත් නොවේ.

3. වෙබ් අඩවියේ පෙනුම සහ අන්තර්ගතය

ව්‍යාජ වෙබ් අඩවි බොහෝ විට කඩිනමින් නිර්මාණය කරන ඒවා බැවින් ඒවායේ දෝෂ පවතී:

• අක්ෂර සහ ව්‍යාකරණ දෝෂ: වැරදි අක්ෂර වින්‍යාසය සහ දුර්වල ව්‍යාකරණ භාවිතය.

• බාල පින්තූර: බොඳ වූ හෝ ගුණාත්මකභාවයෙන් අඩු පින්තූර (Low-quality images).

• ක්‍රියා නොකරන සබැඳි: වෙබ් අඩවියේ ඇති සමහර බොත්තම් හෝ Link ක්ලික් කළ විට ඒවා වැඩ නොකිරීම.

4. සම්බන්ධ කර ගැනීමේ තොරතුරු (Contact Information)

5. විශ්වාසදායක ආයතනයක වෙබ් අඩවියක

• භෞතික ලිපිනයක් (Physical Address).

• දුරකථන අංකයක්.

• පාරිභෝගික සේවා විද්‍යුත් තැපෑලක් (E-mail) තිබිය යුතුය.

“Contact Us” පිටුවක් නොමැති නම් වඩාත් සැක සහිත විය හැකියි.

මූලාශ්‍රය – https://www.facebook.com/srilankapoliceofficial

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website