NTERPOL විශේෂ දේශනයක් සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රංශයට

ජාත්‍යන්තර පොලිසිය (INTERPOL) විසින් පවත්වනු ලබන පළමුවන මහජන සන්නිවේදනය උදෙසා වූ ගෝලීය සම්මේලනය සඳහා ආරාධනා ලැබූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා, ඒ සඳහා සහභාගී වීමට අද (26) දින පෙරවරුවේ ප්‍රංශය වෙත පිටත්ව යන ලදී.

එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් විසින් මෑත කාලයේ මෙරට පැනනැගුණු ආපදා තත්වයන්හීදී ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය උදෙසා ක්‍රියාත්මකවූ ආකාරය සම්බන්ධයෙන් විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

මෙවැනි ජාත්‍යන්තර පොලිස් සම්මේලනයක විශේෂ දේශනයක් පැවැත්වීම සඳහා ආරාධනා ලැබූ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රථම මාධ්‍ය ප්‍රකාශකවරයා සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා වේ.

සම්මේලනය 2026 අප්‍රේල් මස 28 දින සිට 30 වන දිනය දක්වා ප්‍රංශයේ ලියෝන් නගරයේදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website