නාඋල – නාලන්ද ප්‍රදේශයේ දී පුද්ගලික බසයක් සහ ලංගම බසයක් මුහුණ මුහුණ ගැටෙයි

දඹුල්ල-මාතලේ ප්‍රධාන මාර්ගයේ නාඋල-නාලන්ද ප්‍රදේශයේදී අද (26) උදෑසන 09.20ට පෞද්ගලික බස් රථයක් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බරපතල රිය අනතුරක් සිදු වූ බව නාඋල පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම අනතුර සිදුවී ඇති අතර, ඉන් මගීන් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා නාලන්ද දිස්ත්‍රික් රෝහලට සහ මාතලේ රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ශ්‍රී ලංගම බස් රථ රියදුරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව නාඋල පොලිසිය පැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website