Sri Lankan Airline ආයතනයේ සේවාවක් බව අඟවමින් WhatsApp ගිණුම් මගින් ඔබ සමඟ සම්බන්ධ වන වංචනික පුද්ගලයෙකු ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයෙන් එක් බෙව් අඩවියකට ඔබව යොමු කරමින් ඔබේ බැංකු ගිනුම් වල දත්ත සොරා ගන්නා බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ මහජන දැනුවත් කිරීමේ නිවේදනයක සඳහන් වේ.
ඔබ සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.
“Sri Lankan Airline” ආයතනයේ සේවාවක් බව අඟවමින් WhatsApp ගිණුම් මගින් ඔබ සමඟ සම්බන්ධවන වංචනික පුද්ගලයෙකු පහත දැක්වෙන ව්‍යාජ වෙබ් අඩවි ත්‍රිත්වයෙන් එක් බෙව් අඩවියකට ඔබබ යොමුකරාවි.
එමගින් “Sri Lankan.apk” යන ජංගම දුරකථන යෙදුම ඔබගේ දුරකථනයේ ස්ථාපනය කරවීමට සලස්වන අතර මුදල් වංචා කිරීමේ ජාවාරමක් එම අනිශ්ඨ බැංකු ට්‍රෝජන් යෙදුම මගින් සිදුකරන බව අනාවරණය වී තිබේ.
ඔබ මෙම යෙදුම ස්ථාපනය කළහොත් ජංගම දුරකථන වෙත දුරස්ථ ප්‍රවේශය මෙම ජාවාරම සිදුකරන වංචනිකයින්ට හිමිවේ, ඔබේ ජංගම දුරකථනයේ සංවේදී දත්ත නිරාවරණය කරගැනීමේ හැකියාව එමගින් ඔවුනට ලැබෙන බවට නිරීක්ෂණය වී ඇත.
මෙම වංචනිකයින් අවසානයේ මුදල් ගණුදෙනුවක් සිදුකරවීමට සලස්වමින් One – Time Password (OTP) අංක, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත (ඇඟිලි සලකුණු, මුහුණු හඳුනාගැනීම) “Sri Lankan.apk” මෘදුකාංගය හරහා ලබාගනිමින් ඔබේ මුදල් වෙනත් බැංකු ගිණුම් වෙත බැර කරගැනීම සිදුකරන බව අනාවරණය වී ඇත.
මෙම ක්‍රියාවලිය සඳහා පහත සඳහන් WhatsApp දුරකථන අංක භාවිතා කරනු ලබන බවට නිරීක්ෂණ වී ඇත.
දුරකථන අංක :-
- 077 – 4558361
- 011 – 7771979
- 074 – 1142208
- 077 – 5791209
- 074 – 3268200
ක්‍ෂණික මූල්‍ය වාසි ලබා ගැනීමේ අරමුණින් මහජනතාව මෙවැනි වංචාවන්ට හසුවන අවස්ථා නිරන්තරව වාර්තා වන බැවින් පුද්ගලයින් හෝ කණ්ඩායම් විසින් සිදුකරනු ලබන මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙස දැනුවත් කරන්නෙමු.












