ප්‍රබල අමාත්‍යාංශයක නිල වෙබ් අඩවියකට සයිබර් ප්‍රහාරයක් ? : CID පැමිණිල්ලක්

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ඉලක්ක කර ගනිමින් සිදු වූ බව පෙනෙන සයිබර් ප්‍රහාරයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය චන්දන අබේරත්න මහතා පැවසීය.

අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව පසුගිය දා කළ පරීක්ෂණවලින් පැහැදිලි වූ බවත්, එහිදී අපරාධකරුවන් මූල්‍යමය වාසි සඳහා වෙබ් අඩවියෙන් ලබාගත් දත්ත වෙන්දේසි කිරීමට උත්සාහ කළ බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා පැවසුවේ.

“ කෙසේ වෙතත් ඉතා සංවේදී තොරතුරක් කිසිදු ආකාරයකින් හෙළිදරව් වී නැහැ. පවතින වාර්තාවලට අනුව, සාමාන්‍ය මහජන තොරතුරු පමණක් තෙවන පාර්ශවයන් විසින් ප්‍රවේශ වී ඇති බව පෙනෙනවා” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව අමාත්‍යවරයා තහවුරු කළේය. ඊට සමගාමීව, ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම කණ්ඩායම (SLCERT) ද සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website