රජයේ ඉඩම් වගා කටයුතු සඳහා බදු දිමේ නීති වෙනස් කිරීමට රජයේ අවධානය

රජයේ ඉඩම් වගා කටයුතු සඳහා පුද්ගලයින්ට බදු දිමේ දී අනුගමනය කරන පටිපාටිය යාවත්කලීන කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ඉඩම් කොමසාරිස් ජනරාල්, චන්දන රණවිරාච්චි සඳහන් කළේය.

ඒ සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛ වෙනස් කිරිමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බව කී ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව ද කීවේය.

කමිටුව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා අනුව ඉදිරියේදී නව චක්‍රලේඛනයක් නිකුත් කිරීමට නියමිත බව ද ඉඩම් කොමසාරිස් ජනරාල්, චන්දන රණවිරාච්චි සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website