2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (24) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් කළ නිවේදනක සඳහන් වේ.
මෙම නිවේදනයේ සඳහන් වන්නේ අයදුම් කිරීම 2026 අප්‍රේල් 24 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පසු සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, කිසිදු හේතුවක් මත දිගු කිරීමක් සිදු නොකරන බවයි.
අයදුම්කරුවන්ට අවශ්‍ය විමසීම් සඳහා පහත සඳහන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල මඟින් විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙස ද දැනුම් දෙයි.
- දුරකථන අංක :- 0112785922/0112784208/0112784537
- ෆැක්ස් අංක :- 0112784422
- විද්‍යුත් තැපෑල :- gcealexamsl@gmail.com
















