ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශ සඳහා 1 මට්ටමේ (කහ) නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අද (23) පස්වරු 4.00 ට නිකුත් කරන ලද අනතුරු ඇඟවීම පැය 24 ක් සඳහා ක්‍රියාත්මක වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කලවාන, රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙනුවෙන් මෙම අනතුරු ඇඟයීම අදාළ වේ.
බලපෑමට ලක් වූ ප්‍රදේශවල පදිංචිකරුවන්ට විමසිල්ලෙන් සිටින ලෙස උපදෙස් දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසීය.














