ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම: මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ නිල ප්‍රකාශය

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වී සයිබර් අපරාධකරුවන් ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක අරමුදල්වලින් හැකිතාක් අයකර ගැනීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.

අද (23) අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අදාළ පද්ධතියට හැකර්වරුන් විද්‍යුත් තැපෑල හරහා ප්‍රවේශ වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බව ඔහු පැවසුවේය.

සිද්ධිය පිළිබඳව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සහ අදාළ ණයහිමියා දැනුවත් කර ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා තවදුරටත් මෙසේ ද පැවසීය:

“අපි ඔක්කොම දන්නවා මේ රට, මේ ආර්ථිකය 2022 වසරේ දී කඩා වැටුණු ආර්ථිකයක් බවට පත් වුණා. අපට ගෙවන්න තිබෙන ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහතට වැටුණු

“ජනවාරි මාසයේදී සයිබර් අපරාධකරුවන් පද්ධතියට ප්‍රවේශ වීමට උත්සාහ කරන බව අපට දැනගන්නට ලැබුණා. මෙය වාර්තා වූ පසු, අපි අදාළ විදේශ රටවල් අමතා එම උත්සාහය වළක්වා ගත් අතර තත්ත්වය පාලනය කර තිබෙනවා. මීට පෙර මෙවැනිම උත්සාහයන් සම්බන්ධයෙන් ගැටලු මතු වී තිබෙනවා. මේ හේතුව මත බලධාරීන් අතීත ගනුදෙනු සමාලෝචනය කිරීමට පියවර ගත්තා. මෙම ක්‍රියාවලිය අතරතුර, ජනවාරි මාසයේදී සිදු කරන ලද පෙර ගෙවීමක් සම්බන්ධයෙන් ද හැකර්වරුන් ක්‍රියාකාරී වී ඇති බව සොයා ගත්තා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website