
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු රජයට ගෙවිය යුතු ගෙවීම්වල අක්‍රමිකතා පිළිබඳව මුදල් අමාත්‍යාංශය මේ වන විට විමර්ශනය කරමින් සිටින බව කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.
ශ්‍රී ලංකා බලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතර, දැනට ක්‍රියාත්මක වන විමර්ශනයට සහාය වන ඕස්ට්‍රේලියානු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරමින් සිටින බව ද මහ කොමසාරිස් කාර්යාලය වැඩි දුරටත් සඳහන් කළේය.
ණය තිරසාරභාවයට නැවත පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ උත්සාහයන්ට සහාය වීමට ඕස්ට්‍රේලියානු රජය කැපවී සිටින බව ද මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.












