ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම ගැන CID පරීක්ෂණ ඇරඹෙයි

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට ද දැනුම් දී ඇති බවත් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත්  අමාත්‍යාංශය තව දුරටත් පවසයි.

ඒ අනුව මේ වන විට නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විනය පියවර ගෙන ඇති බව ද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website