මැයි මාසයේ දින තුනක් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා දමයි

ජාත්‍යන්තර කම්කරු දිනය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මාසයේ දින තුනක් දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ජාත්‍යන්තර කම්කරු දිනය (මැයි දිනය) සැමරීම සඳහා මැයි 1 වන දින මත්පැන් අලෙවිසැල් වසා තබනු ඇත.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන මැයි 30 වන දින සහ වෙසක් පුර පසළොස්වක පොහොය දිනට පසු දින මැයි 31 වන දින සියලුම මත්පැන් අලෙවිසැල් ද වසා තබන බව දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website