හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර නඩුවේ චූදිතයෙකු වන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නඩු විභාගය අතරතුර විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයකට නව කරුණු එකතු කිරීමට අවසර ඉල්ලා කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණ අද (24) ප්‍රතික්ෂේප කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ බුද්ධි අංශ අනතුරු ඇඟවීම් ලැබුණ ද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන්  එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව සාපරාධී නොසැලකිල්ල සහ රාජකාරි පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website