
අද (24) උදෑසන වාද්දූවේ දී පිලිපැනීමට ලක් වූ සාගරික දුම්රිය නිසා ගමනා ගමනයට බාධා පමුණුවා ඇති මුහුදබඩ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා මගීන්ගේ බාධා මඟහරවා ගැනීම වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග අමාත්‍යාංශයෙන් කඩිනම් පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන අමත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසීය.
මේ අතර අද (24) වාද්දුව දුම්රිය ස්ථානය අසලදී “සාගරිකා” දුම්රිය පීලි පැනීම හේතුවෙන් ඇති වූ බාධා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, සවස කාර්යාල වේලාවට පෙර අවම වශයෙන් එක් මාර්ගයක් හෝ යථා තත්ත්වයට පත් කර මගී සේවා නැවත ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නියමිත වේලාවට ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් නොකළහොත්, වෙරළබඩ මාර්ගයේ බස් සේවා ඇතුළුව ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය සහ ජාතික ප්‍රවාහන කොමිසම සමඟ සම්බන්ධීකරණයෙන් විකල්ප ප්‍රවාහන කටයුතු සකස් කර ඇති බවයි.













