2026.04.18 වන දින හීනටියන මහගම ප්‍රදේශයේ පැවැත්වුනු අලුත් අවුරුදු උත්සවයක් අතරතුර අසල මාර්ගයක මහජනතාවටත්, දේපළවලටත් අන්තරාදායක වන අයුරින් ධාවනය වූ සුදු පැහැති Vezel වර්ගයේ කාර් රථය, කටුනායක පොලිස් ස්ථානය විසින් එම අවස්ථාවේ රථය පැදවූ රියදුරු සමඟ පසුගිය 22 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
ඉතාමත් අන්තරාදායක ලෙස රථය ධාවනය වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර කොළඹ රථවාහන කොට්ඨාසය, කටුනායක පොලිස් ස්ථානය මගින් සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා එදිනම විමර්ශන ඇරඹීය.
සැකකරු මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් සඳහා මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත්කර ඇත.
කටුනායක පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
















