කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ උප පොලිස් පරීක්ෂක කලිඳු නිලධාරියා සමඟ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (24) දින දහවල් කොළඹ කොටුව ඇතුළත වීදි සෝදිසියට ලක්කිරීමෙන් මත්පෙති කරල් 204,000ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
පළමුව ඔ්ල්කොට් මාවතේ පුද්ගලික බෙහෙත්ශාලාවක් අසලදී මත්පෙති කරල් 6,000 ක් සන්තකයේ තබාගෙන සිටියදී සැකකරුවෙක් අත්අඩංගුවට පත්වී ඇත. ඔහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් වූ පුද්ගලයෙකි.
දෙවනුව මැලිබන්වීදියේ කීර්තිලේන් අතුරුමාර්ගයේදී මත්පෙති 6000 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇත. එම සැකකරු වයස අවුරුදු 37 ක් වූ රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
තෙවන සැකකරු මත්පෙති කරල් 180,000 ක් සන්තකයේ තබාගෙන පළමුවන හරස්වීදියේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත් කරල් විකුණා උපයාගත් බවට සැකකරන රුපියල් ලක්ෂ 04 ක මුදලක් සැකකරු ළඟ තිබී පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු වයස අවරුදු 42 ක් වූ වත්තල මාබෝල ප්‍රදේශයේ සැකකරුවෙකි.
සිව්වන සැකකරු එදින සවස ප්‍රධාන වීදියේ රතුපල්ලිය ආසන්නයේදී මත්පෙති 12,000 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරදු 41 ක් වූ වත්තල මාබෝල ප්‍රදේශයේ සැකකරුවෙකු බව අනාවරණය වී තිබේ.
මෙම සැකකරුවන් සිව්දෙනා සම්බන්ධව මෙන්ම මොවුන් හා සම්බන්ධ වෙනත් සැකකරුවන් අනාවරණය කරගැනීම සඳහා කොටුව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.














