බොරතෙල් මෙට්‍රික් ටොන් 95,000ක් රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.
ඩීසල් මෙට්‍රික් ටොන් 9500ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ පැමිණීමට නියමිත බවත්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක තවත් නැව්ගත කිරීමක් අප්‍රේල් 28 වන දින අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.















