තියුණු ආයුධයකින් පහරදී සිදුකල මනුෂ්‍ය ඝාතනයක් : සැකපිට පුතා අත්අඩංගුවට

මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවට ඊයේ (24) දින ලද පණිවිඩයක් මත මාතලේ පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 64 ක් වූ අතිරහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරුගේ පුත්‍රයා සමඟ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. වයස අවුරුදු‍ 33 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාතලේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ පිළිබඳවත් මදක් සිතන්න…..

අපිට මේ ලෝකයේ ඕනෑම දෙයක් අලුතින් මිලදී ගත හැකිය, අහිමි වූ දේ නැවත සොයාගත හැකිය. නමුත් අම්මා සහ තාත්තා යනු නැවත කිසිදා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් දෙකකි.

“දෙමව්පියන් ජීවතුන් අතර සිටින තුරු ඔවුන්ට ආදරය කරන්න, සලකන්න. ඔවුන්ගේ දෑස් වලින් කඳුළක් වැටෙන්නට ඉඩ නොදෙන්න. මන්ද ඔවුන් නැති දවසක නුඹට ඉතිරි වන්නේ හදවත දවන වේදනාව පමණක්ම වන බැවිනි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website