විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ බංගලාදේශ මහ කොමසාරිස් Andalib Elias මහතා අතර විශේෂ හමුවක් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන මෙම හමුව සිදු වූ බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඇති දීර්ඝ කාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරමින් සිදු වූ මෙම හමුවේදී සෑම අසීරු අවස්ථාවකම බංගලාදේශය ශ්‍රී ලංකාව සමඟ සමීපව සිටීම සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය පිරි නැමීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.
එසේම මේ අසීරු අවස්ථාවේ නැවත රටක් ලෙස නැගී සිටීමට අවැසි ශක්තිය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා බංගලාදේශ මහ කොමසාරිස් Andalib Elias මහතාගෙන් ඉල්ලා සිටියේය.
















