දත්ත එක්රැස් කරගැනීමට ජන සහභාගීත්වය සහිත විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
නව සංවර්ධන වැඩපිළිවෙළකට යාමේදී රජයට ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ විවිධ පැතිවල තිබෙන දත්ත එක් ස්ථානයකට ගොනු කර ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීම බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය බිම් මට්ටමේ රජ්‍ය නිලධාරීන් මෙන්ම ජනතා සහභාගීත්වය සහිත දත්ත රැස් කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම ඉතා වැදගත් බව ද කීවාය.
ඒ නිසා ප්‍රාදේශීය මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් නිවැරදි දත්ත එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගැනීම ඉතාම වැදගත් බව ද අගමැතිවරිය වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
පැවති ආපදා තත්ත්වයෙන් පසු රට යථාතත්ත්වයට පත්කරගැනීම පිළිබඳව ඊයේ (10) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
















