ආරක්ෂිත යැයි සැලකෙන සියලුම පෙර පාසල් සහ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 2025 දෙසැම්බර් 16 වන දින සිට නැවත විවෘත කරන බව මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලය නිවේදනය කරයි.
පසුගිය හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මෙම මධ්‍යස්ථාන කලින් වසා දමා තිබූ අතර, දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ආරක්ෂක තක්සේරු කිරීම් අවසන් කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.
















