ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජානකී සිරිවර්ධන දෙසැම්බර් මස 01 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන ලද අතර රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ රැගෙන ආවේ ය.
මෙම පරීක්ෂණවල ප්‍රගතිය දෙසැම්බර් මස 01 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද සැකකාර නාමල් රාජපක්ෂ දෙසැම්බර් 01 වන දා වනවිට බන්ධනාගාරයේ සිටියහොත්, එදින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
















