මාළිවාමට තවත් පරාජයක්: සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීමක් පරාජයට

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය දෙවන වර කියවීම ද අද (19) වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 06ක් සහ විපක්ෂව ඡන්ද 10ක් හිමි විය.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හයදෙනා අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සිව්දෙනා, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ සර්වජන බලයේ මන්ත්‍රීවරයෙකු අයවැයට විපක්ෂව ඡන්දය ලබා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website