නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද රු. මිලියන 44.5කට අධික දේපොළ ක්‍රියා විරහිත කරයි

මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හා කාන්තාවක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයාගෙන ඇති බවට ලද තොරතුරක් මත නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශනයක් සිදුකර ඇත. එහිදී අදාල කාන්තාව විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් පහත සඳහන්දේපළ උපයා ගෙන ඇති බවට අනාවරණය වී ඇත.

කාන්තාවගේ නමින් මිලදීගෙන ඇති කටුනේරිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 95 ක් පමණ වටිනාකමකින් යුත් පර්චස් 24.8 ක ඉඩමක් හා එහි ඉදිකර ඇති රුපියල් කෝටි 3.5 ක් පමණ වටිනා දෙමහල් නිවස.

ඒ අනුව, රුපියල් මිලියන 44.5 ක් පමණ වටිනාකමින් යුතු ඉහත දේපල 2026.10.02 දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website