අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර රැබෑව මාර්ගය සාලියපුර ප්‍රදේශයේදී රඹෑව දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී ඊයේ (29) සවස අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.
මරණකරු අවුරුදු 33 ක් වූ පරසන්ගස්වැව, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















