පාලනය කර ගැනීමට නොහැකි වූ යතුරුපැදිය විදුලි කණුවට ගැටී එකම පවුගේ සොහොයුරන් දෙදෙනා මරුට – මවට තුවාල

මාදම්පේ පොලිස් වසමේ කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කරුක්කුවටවන ප්‍රදේශයේදී කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පැදිකරු, පිටුපස ගමන් කල පැදිකරුගේ මව හා සහෝදරයා තුවාල ලබා ගලුමුරුව රෝහල වෙත ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා හලාවත රෝහල වෙත මාරු කර යවා ප්‍රථිකාර ලබමින් සිටියදී පැදිකරු හා පිරිමි දරුවා මියගොස් ඇත.

මරණකරුවන් අවුරුදු 12 හා 23 වයස්වල පසුවූ දුම්මලසූරිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයින් වේ.

මාදම්පේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website