
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඔ්වල් ක්‍රීඩාංගනයේ දී අද (27) ආරම්භ වූ තෙවැනි එක් දින තරඟයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුළු 07කට ලකුණු 355ක් ලබා ගත්තේය.
Tom Banton පන්දු 106කට ලකුණු 126ක් ලබා ගත් අතර එයට හතරේ පහර 16ක් සහ හයේ පහර හයක් ඇතුළත් විය. Jordan Cox ලකුනු 76ක් ද, Harry Brook ලකුණු 77ක් ද ලබා ගත්තේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 64කට කඩුළු 03ක් ද, සචින්දු කොළඹගේ ලකුණු 71කට කඩුළු 02ක් ද, දිල්ෂන් මධුශංක සහ ජනිත් ලියනගේ එක කඩුල්ල බැගින් දවා ගත්තේය.
එංගන්ත කණ්ඩායමේ නායකයා කාසියේ වාසිය දිනාගත් අතර මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයේ පවතී.















