පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් ලක්ෂ 475ක දේපළ ක්‍රියා විරහිත කරයි

පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත යොමු කිරීමෙන් පසු එම කොට්ඨාසය මඟින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇත.

එහිදී අදාළ පුද්ගලයා විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් පහත දේපල උපයාගෙන ඇති බව අනාවරණය වී ඇත.

  • ඔහුගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති නව නගරය පදවිය ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 275 ක පමණ වටිනාකමකින් යුත් පර්චස් 15 ක ඉඩමක් හා එහි ඉදිකර ඇති එහි දෙමහල් ගොඩනැගිල්ල
  • විජයපුර, අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 120 පමණ වටිනාකමකින් යුත් පර්චස් 15 ක ඉඩමක් හා එහි ඉදිකර ඇති නිවස
  • රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා වෑන් රථය
  • රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා ඩීමෝ බට්ටා ලොරි රථය

ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කිරීම හේතුවෙන් පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක් වන සැකකරු හා වයස අවුරුදු 45 ක් වන සැකකරුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් ලක්ෂ 475 ක් පමණ වටිනාකමින් යුතු ඉහත දේපල 2026.09.22 දින සිට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website