ග්‍රීක බැඳුම්කර සිද්ධිය: හිටපු මහ බැංකු අධිපති අජිත්  නිවාඩ් කබ්රාල්ගෙන් අභියාචනයක්

ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර තිබූ අභියාචනයක් අද (11) කැඳවනු ලැබුවේය.

මෙහි දී ශ්‍රේෂ්ඨාධිකරණ පැවසුවේ අදාළ අභියාචනයේ කරුණු තහවුරු කිරීම සඳහා එය ඔක්තෝම්බර් මස 09 වනදා යළි කැඳවීමට නියෝග කරන බවයි.

2012 දී ග්‍රීසිය ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් පවතින බව දනිමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ වෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු මහා බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website