යෝෂිත රාජපක්ෂට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවේදී අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට චෝදනා එල්ල වන සාක්ෂිකරුවෙකුට එරෙහිව පියවර ගන්නා බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා, පාලිත ගමගේ නම් සාක්ෂිකරුවෙකු මීට පෙර පොලිසියට ලබා දුන් ප්‍රකාශයට පටහැනිව සාක්ෂි ලබා දෙන බවට මහාධිකරණයේ අවධානය යොමු කළ අතර, අසත්‍ය සාක්ෂි ලබා දීමේ චෝදනාව මත සාක්ෂිකරුට එරෙහිව පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
පසුව මහාධිකරණය අදාළ සාක්ෂිකරු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.













