ඩිජිටල්කරණය හරහා පාර්ලිමේන්තුවේ සහ රාජ්‍ය අංශයේ කඩදාසි භාවිතය අවම කිරීමට පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඩිජිටල්කරණය සහ කඩදාසි භාවිතය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙම්න් අද (10) පාර්ලිමේන්තුවේදි ඇය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් වෙත පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ භාවිතය සඳහා ලබා දෙන හැන්සාඩ් වාර්තා, න්‍යාය පුස්තක, න්‍යාය පත්‍ර සහ අනිකුත් පාර්ලිමේන්තු මුද්‍රණ කටයුතු සඳහා 2023, 2024 සහ 2025 වර්ෂ සඳහා වැය වූ මුළු මුදල පහත දැක්වෙනවා.
2023 වර්ෂය සඳහා රුපියල් මිලියන 45යි දශම තුනයි. 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන 58.7 යි. 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 73යි දශම එකයි.
මෙම සියලු මුද්‍රිතයන් පාර්ලිමේන්තුවේ ඉල්ලීම පරිදියි සිදු කරලා තිබෙන්නේ. ඒ වගේම කඩදාසි භාවිතය අවම කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරමින් පවතිනවා.
භාණ්ඩාගාර ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මහලේකම් වෙත යොමු කර ඇති ඉල්ලීම් ලිපිය අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වාර්තා ඩිජිටල් ආකාරයෙන් පමණක් ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සලකා බැලුවා. එහිදී එක් එක් මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා බැලීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට තීරණය කළා. එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරියේදී ඩිජිටල් ආකාරයේ මෙම ලිපි ලේඛන ලබා ගැනීමට කැමැත්තක් දක්වන මන්ත්‍රීවරුන්ට ඩිජිටල් ආකාරයෙන්ද, මුද්‍රිත පිටපත් ලබා ගැනීමට කැමැත්තක් දක්වන මන්ත්‍රීවරුන්ට මුද්‍රිත පිටපත් ආකාරයෙන්ද අදාළ ලිපි ලේඛන ලබාදීමට කටයුතු කරනවා.
මෙම සමීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලබන දිනයකදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා.
ඒවගේම සියලුම අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන වල මේ වෙනකොට කඩදාසි භාවිතය අවම කරමින් ඩිජිටල්කරණය කරන්න වැඩ කරමින් පවතිනවා. නමුත් මේකට යම් කාලයක් යනවා. උදාහරණයක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්සර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විදේශ ගමන් පිළිබඳ නිවාඩු ඉල්ලීමේ ලිපිය මුද්‍රිත පිටපතක් හැටියට අමාත්‍යංශයට ආවේ, දැන් ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කරලා තියෙන්නේ. නිවාඩු ඉල්ලීමේ ලිපියට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව හරහා අමාත්‍යාංශය අනුමැතිය ලබා දෙන්නේ ඩිජිටල් ක්‍රමවේදය අනුවයි. මේ විදියට සෑම අමාත්‍යංශයක්ම ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. අපි හිතනවා ඩිජිටල්ක්‍රමය ස්ථාපිත වුණාම කඩදාසි භාවිතය බොහෝ දුරට අපිට අඩු කරන්න පුළුවන් වෙයි කියලා.
පාසල් දරුවන්ගේ බෑග්වල බර අවම කිරීම පිලිබඳ ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලබා දෙමින්,
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සිදුකරන ක්‍රියාකාරකම් පාදක ඉගැනුම් ක්‍රියාවලිය නිසා පොත් බර අවම වීම සිදු වෙනවා. පොත් තියෙන්නෙ පන්ති කාමරේ නිසා තවදුරටත් පොත් එහාට මෙහාට ගෙනියන්න අවශ්‍ය නැහැ. වැඩ කරලා වාරය අවසානයේදී තමා පොත් ගෙදර ගෙනියන්න අවශ්‍ය වෙන්නේ.
2027 සිට 06 වසරට මොඩියුල් පාදක ඉගැනුම් ක්‍රියාවලිය හදුන්වා දෙනවා. මොඩියුල කියන්නේ ලොකු පොත් නොවන නිසා ඒ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුල් එකක් තමා දරුවන්ට ලබා දෙන්නේ ඒ නිසා මේ ක්‍රමය තුළින් සෑහෙන දුරට දරුවන්ගේ පොත් බර අඩු වන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
















