පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබා දුන් සමාව පිළිගත නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පසු, 2018 දී අභියාචනාධිකරණය විසින් ඥානසාර හිමියන්ට වසර හයක සිර දඬුවමක් නියම කරන ලද නමුත් එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දුන් ජනාධිපති සමාවෙන් පසු උන්වහන්සේ නිදහස් කළේය.
අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු තවත් කිහිප දෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.












