
ඊශ්‍රායලයේ යටිතල පහසුකම් අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලබා වසර දෙකක කාලයක් තිස්සේ රැකියා ගිවිසුම් නොලැබීමෙන් අසාධාරණයට ලක්වූ තරුණ තරුණියන් පිරිසක් විසින් පිහිටුවා ගෙන ඇති ‘ඊශ්‍රායල් යටිතල පහසුකම් අංශයේ ලොතරැයි අපේක්ෂිත එකමුතුව‘ පසුගිය දා බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී නිහඬ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
එහි දී ඔවුහූ වසර දෙකකින් නොපැවැත්වූ Infrastructure Lottery System (යටිතල පහසුකම් ලොතරැයි ක්‍රමය) නැවත ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටීයහ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එදින (08) පාර්ලිමේන්තුවට පැමිණෙමින් සිටිය දී මෙම තරුණ තරුණියන් හමුවී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ද කටයුතු කරන ලදි.
මෙම ගැටලු රජයේ සහ පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කරන බවට ද විපක්ෂ නායකවරයා ඔවුන්ට පොරොන්දු විය.














