ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස අත්සන් තබන ලද නව ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ආරක්ෂක අමාත්ය ශ්රී රාජ්නාත් සිං ඉදිරියේ අද (09) සිදුවිය.
ශ්රී ලංකා ගුවන් හමුදාව සඳහා L70 තුවක්කු පද්ධති නවීකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ගිවිසුම, ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්යාලය සහ ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්යාලය අතර අධ්යයන සහයෝගීතාව සඳහා වූ ගිවිසුම සහ ශ්රී ලංකා ශිෂ්යභට බලකාය සහ ඉන්දීය ශිෂ්යභට බලකාය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම යන ගිවිසුම් ත්රිත්වය ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ශ්රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් විසින් මෙහිදී හුවමාරු කර ගන්නා ලදී.














