මහව පොලිස් වසමේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ කැත්තෑපහුව ප්‍රදේශයේදී ඊයේ (10) සවස අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මීගලෑව රෝහලට අයත් ගිලන්රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ ගිලන් රථ රියැදුරු , ලොරි රථ රියැදුරු ගිලන් රථයේ සහයක සහ ගමන් කළ සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිණියක් අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගිලන් රථ රියැදුරු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 55 ක් වූ දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලොරි රථයේ රියැදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ද තුවාල ලබා අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත සහ රියැදුරු අනුරාධපුර රෝහල වෙත මාරුකර යවා ඇත. මහව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















