දින පහක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් නිවේදනය කෙරේ

සැප්තැම්බර් 14 සිට 19 දක්වා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 62ක් ආවරණය වන පරිදි දින පහක විශේෂ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කරන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද, බටහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අධි අවදානම් සහිත ප්‍රදේශ මෙම වැඩසටහන මගින් ඉලක්ක කරන බව කී කන්නන්ගර මහතා ඊසානදිග මෝසම් වැසි ආරම්භ වීමත් සමඟ ඩෙංගු පැතිරීම පාලනය කිරීම සඳහා මෙම මුලපිරීම හඳුන්වා දෙන බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website