ආබාධ හේතුවෙන් එංගලන්ත එරෙහි T20 තරගාවලියෙන් කුසල් සහ බිනුර ප්‍රනාන්දු ඉවතට – නායකත්වය චරිත්ට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව තිබේ. කුසල් මෙන්ඩිස් තරගාවලියට සහභාගිනොවීම හේතුවෙන් එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ඇත.

2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධවලට ලක්වූ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙන් එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියට සහභාගී වීමට නොහැකි වී ඇත.

කුසල් මෙන්ඩිස් දකුණු පාදයේ පසුපස කලව ප්‍රදේශයේ (hamstring) ආබාධයකට ලක්ව ඇති අතර, බිනුර ප්‍රනාන්දු පිටුපස ප්‍රදේශයේ ආබාධයකට ලක්ව තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් T20I සංචිතයට ක්‍රීඩකයන් දෙදෙනකු ඇතුළත් කිරීමට තීරණය කර ඇති අතර, කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක ද, බිනුර ප්‍රනාන්දු වෙනුවට දිල්ෂාන් මධුශංක ද සංචිතයට කැඳවා තිබේ.

source: srilankacricket.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website