ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ගත්තේ කවුද ? – විභාග කොමසාරිස් ජනරාල්වරිය හෙළි කරයි

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් අද (02) සවස අන්තර්ජාලයට නිකුත් කළ අතර එම ප්‍රතිඵලවලට අනුව, සිංහල මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිසුවියක් වන අතර, ඇය ලකුණු 193 ක් ලබා ගෙන ඇත.

දෙමළ මාධ්‍යයෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ සිසුවියක් විසිනි.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් 1,018ක් මෙවර විභාගයට පෙනී සිටි අතර, බ්‍රේල් මාධ්‍යය භාවිතා කරන සිසුන් 18 දෙනෙකු ද විභාගයට පෙනී සිටි බව කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

මෙවර කඩඉම් ලකුණ 139ක් වන අතර, සිසුන් 56,000ක් කඩඉම් ලකුණට වඩා ලකුණු ලබා ඇත.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අද (02) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website