සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit – GCFSS) සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් භූතානය වෙත පිටත්ව ගියා ය.
අද (1) දින භුතානයේ පැවැත්වෙන මෙම සමුළුවෙහි සමාරම්භක පූර්ණ සැසියට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වන අතර එහිදී අග්‍රාමාත්‍යවරිය “අර්බුදවලට මුහුණ දීම සඳහා සවිඥානිකව නැඟී සිටීම” (Rising to the Moment: Igniting Consciousness to Address the Polycrisis) යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතය.
මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර නායකයින් සහ නියෝජිතයින් සමඟ සාකච්ඡාවලට එක්වෙමින් තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාව සහ ප්‍රජා දායකත්වය සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවල නිරත වීමට නියමිතය.













