
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මංගල ටෙස්ට් තරඟයෙන් ලකුණු 165ක ජයග්‍රහණයක් ලබා ගැනීම ඉන්දීය කණ්ඩායම අද (19) සමත් වූවේය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉණිමේ දී ලකුණු 462ක් රැස් කළ අතර පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉණිමේ දී ලකුණු 284ක් රැස් කළේය. සිය දෙවන ඉණිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 193ක දී සිය ඉණිම අත්හිටුවා පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නේය.
ලකුණු 372ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවැනි ඉණිමේ දී සියලු දෙනාම දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 206ක් පමණි.
ඉන්දියාව පළමු ඉනිම පන්දුවාර 116/4 කදී සියලුදෙනා දැවී ලකුණු 464 යි – (දෙව්දත් පඩික්කල් 167, ධෘව් ජුරෙල් 53, කේ.එල්. රාහුල් 81, රිෂාබ් පාන්ට් 39, යෂස්වි ජයිස්වාල් 32, ශුබ්මන් ගිල් 16, රවීන්ද්‍ර ජඩේජා 13, මානව් සුතර් 24, මොහොමඩ් ශිරාජ් 11, කුල්දීප් යාදව් 13*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 01, ප්‍රභාත් ජයසූරිය 109/4, කේෂර නුවන්ත 175/3, අසිත ප්‍රනාන්දු 63/2)
ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 79.4 කදී සියලු දෙනා දැවී ලකුණු 284 යි – (සොනාල් දිනූෂ 100, නිරෝෂන් දික්වැල්ල 80, ළහිරු උදාර 27, නිශාන් මදුෂ්ක 00, දිනේෂ් චන්දිමාල් 04 කමිඳු මෙන්ඩිස් 14, ධනංජය ද සිල්වා 21, කේෂර නුවන්ත 02, ප්‍රභාත් ජයසූරිය 10, ළහිරු කුමාර 10, අසිත ප්‍රනාන්දු 00*, මානව් සුතාර් 76/4, රවීන්ද්‍ර ජඩේජා 57/3, මොහොමඩ් සිරාජ් 29/1, ප්‍රසිද් ක්‍රිෂ්ණා 47/1, කුල්දීප් යාදව් 65/1)
ඉන්දියාව දෙවැනි ඉනිම පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලකුණු 193 යි – (රිෂාබ් පාන්ට් 66, යශස්වි ජයිස්වාල් 00, කේ.එල්. රාහුල් 35, දෙව්දත් පඩික්කාල් 44, ශුබ්මන් ගිල් 08, ධෘව් ජුරෙල් 07, රවීන්ද්‍ර ජඩේජා 09, මානව් සුතර් 09, කුල්දීප් යාදව් 05, මොහොමඩ් සිරාජ් 02*, ප්‍රසිද් ක්‍රිෂ්ණා 02, අසිත ප්‍රනාන්දු 31/4, ප්‍රභාත් ජයසූරිය 43/3, ළහිරු කුමාර 28/2, කේශර නුවන්ත 86/1)
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම පන්දුවාර 77.4 කදී සියලු දෙනා දැවී ලකුණු 206 යි – (සොනාල් දිනූෂ 84, ධනංජය ද සිල්වා 59, නිශාන් මදුශ්ක 06, ළහිරු උදාර 16, පසිඳු සූරියබණ්ඩාර 00, කමිඳු මෙන්ඩිස් 02, නිරෝෂන් දික්වැල්ල 10, කේෂර නුවන්ත 20, ප්‍රභාත් ජයසූරිය 00, ළහිරු කුමාර 00, අසිත ප්‍රනාන්දු 00*, මානව් සුතාර් 55/6, ප්‍රසිද් ක්‍රිෂ්ණා 16/2)














