සමාජ මාධ්‍යයේ සංසරණය වූ බස් රථයක් සහ ප්‍රධාන මාර්ගය අවහිර කොට පුද්ගලයෙකුට කඩුවක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීමට අදාලව කාර් රථයේ රියදුරු සහ එහි ගමන්ගත් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2026.08.11 දින දිවුලපිටිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ප්‍රධාන මාර්ගය අවහිර කොට කඩුවක් පෙන්වා තර්ජනය කරමින් බිය ගැන්වීමේ සිද්ධියට අදාලව සැකකරුවන් වන මෝටර් රථයේ රියදුරු , එහි ගමන්ගත් තවත් සැකකරුවෙකු සහ සැකකාරියක් 2026.08.13 වන දින දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර සැකකරුවන්ට එරෙහිව ල.ද.නි.ස.32 වගන්තිය සමඟ 332,343,449,486 සහ මෝටර් රථයේ රියදුරුට මෝ.වා.ප. 148 (7),151(3),151(2), 12(2) යන වගන්ති යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.
සැකකරුවන් 2026.08.14 වන දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ ක්‍රියාත්මකයි.












