ශ්‍රී ලංකාවේ නැවුම් පලතුරු සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ පුළුල් කරගැනීමට විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ නැවුම් පලතුරු සඳහා ඕස්ට්‍රේලියානු වෙළඳපොළ ප්‍රවේශය හා අපනයන අවස්ථා පුළුල් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (03)කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාතාංශයේදී පැවැත්විණි. 

ඕස්ට්‍රේලියාව තුළ නැවුම් නිර්වර්තන කලාපීය පලතුරු සඳහා වන ඉල්ලුම ශිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ නැවුම් පලතුරු සඳහා ඕස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ (Biosecurity) අවශ්‍යතා සපුරාලමින්, පළිබෝධ අවදානම් විශ්ලේෂණ (Pest Risk Analysis -PRA) ක්‍රියාවලින් සාර්ථකව නිම කර අපනයන අවස්ථා පුළුල් කරගැනීම සදහා අවශ්‍ය වටපිටාව ඇති කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

ශ්‍රී ලංකාව තුළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කරමින් නිෂ්පාදනය කරන පලතුරු  ඕස්ට්‍රේලියාවට අපනයනය කිරීමට ඇති බාධා ඉවත් කිරීම  හා ද්වීපාර්ශ්වික ගිවිසුම් ඇති කරගනිමින්  වෙළඳ අපනයන අවස්ථා පුළුල් කරගැනීම සම්බන්ධව මෙහිදී විශේෂ අවධානය යොමු විය.

පලතුරු පර්යේෂණ ආයතන, ජාතික ශාක නිරෝධායන සේවය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ පෞද්ගලික අංශ වඩාත් ක්‍රමවත් සම්බ්න්ධීකරනණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම හා මේ වෙනුවන් ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සම්බන්ධව මෙහිදී  සාකච්ඡාවට ලක්විය.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) අජිතා මානික්‍රම මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධරීන්, කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතාගේ පුද්ගලික ලේකම් රංජිත් බංඩාර මහතා ඇතුළු නියෝජ්‍ය ආමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරරීන්  ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ව්‍යපාරික සංසදයේ සභාපති මනෝ අමුණුගම මහතා,  උපසභාපති ආනන්ද කුමාරසිරි මහතා, විධායක කමිටු සාමාජික පුබුදු සමරවීර මහතා ද මාර්ගගතව  සම්බන්ධ වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website